තවත් පියතුමෙක් CID කැඳවලා !

තවත් පියතුමෙක් CID කැඳවලා !

ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බව කියමින් අද (17) පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය (CID) වෙත කැඳවා ඇත.

කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් CID ට කැඳවා ඇත්තේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට කළ පැමිණිල්ලක් අනුවය.

පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වගකිව යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට උන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් සිදු කරනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් 10 වන දිනය.

මාස දෙකකට පමණ පසුව අදාළ පැමිණිල්ලට අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් අද දිනයේ දී අපරාධ පරීක්ෂණ කොට්ඨාසය විශේෂ ඒකකයට කැඳවා ඇත.

කැඳවීමට අනුව ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් අද(17) පෙරවරු 9.45ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබිණ.

එහිදී පියතුමන්ගෙන් පැය 3ක් පුරා ප්‍රකාශ ගෙන ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න