Language Switcher

V2025

සරත් ෆොන්සේකාගෙන් ආණ්ඩුවට තර්ජනයක් : "වඩින්නේ කොහෙටදැයි" රතන අන්තරාභවයක

වැරදිකරුවන් දඬුවම් දීමට ඉදිරියටත් පසුබට වුවහොත් රජයට එරෙහිව නැගී සිටීමටද තමන්ද සුදානම් බව ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කරයි.

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශව යළිත් මහින්ද පාලනයක් ගෙන ඒම වෙනුවෙන් කටයුතු කරන බවත් නායකයින් ඒ සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම වැරදි කටයුත්තක් බවද සඳහන් කර තිබේ.

පසුගිය පාලනය යටතේ වැරදිකරුවන්ට දඬුවම් ලබා නොදීම සම්බන්ධයෙන් රජය මේ වන විටත් අසාර්ථ වී ඇති බවත් ජනතාව අතර ආණ්ඩුව අප්‍රසාදයට පත්වීමට එය මුලික හේතුවක් බවද එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත.

රතන හිමි දේශපාලන අන්තරාභවයක

මේ අතර කිසිම ජාතික සම්පතක් නොවිකුණන්න බවට, රණවිරුවන් හිරේ නොදමන බවට හා ගල්යිපොසේත් තහනම ඉවත් නොකරන බවට රට හමුවේ පොරොන්දු වන්නේ නම් අගමැති රනිල් වික‍්‍රමසිංහට සහය දිය හැකි බව අතුරලියේ රතන හිමියන් සඳහන් කරයි.

පසුගියදා විද්‍යුත් මාධ්‍යක් හමුවේ උන්වහන්සේ මේ බව සඳහන් කර තිබෙන අතර අග්‍රාමාත්‍යවරයා ඊට එකඟ නොවන්නේ නම් ඉදිරියේදී නව ජාතික නායකයෙකු ගෙන ඒමට සයාය දීමට තමන් පසුඉට නොවන බවද සඳහන් කර ඇත.

ආණ්ඩුව පිහිටුවීමේදී එජාපය නියෝජනය කළ රතන හිමියන් පසුව එජාපය සමඟ විරසකව පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වන බව පවසමින් ජනාධිපතිවරයාගේ පාර්ශවයට සමීප විය. පසුව වස විස නැති කාබනික කෘෂිකර්මය සමඟ රට වටේ වැඩම කල උන්වහන්සේ රසායනික පොහොර ආනයනයට සහ ගල්යිපොසේට් තහනම ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ මුලිකත්වයෙන් යුතු ජාතික ආර්ථික සභාව තීන්දු කර තිබෙන බවට පුවත් පළවීමත් සමඟ එම පාර්ශවය වෙතින්ද ඈත්වූ අතර වස විස ප්‍රතිපත්තියට එකඟ නම් විශ්වාසභංග යෝජනාවේදී ඒකාබද්ධ විපක්ෂයේ පෙරහරට එක්වන බවද පැවසීය.

කෙසේ වුවත් රතන හිමියන්ගේ මේ දේශපාලන වෙනස්වීම ගැන දේශපාලන විචාරකයින් සඳහන් කරන්නේ මේ වනවිට උන්වහන්සේ දේශපාලනයේ අන්තරාභවයක සිටින බවත් එය බොහෝ දුරට නැවත රාජපක්ෂ රෙජීමයේ නියෝජිතයෙක් අසල ජීවය ලැබීමකින් අවසන් වනු ඇති බවත්ය.