ජනතාවට මෙහෙම කරන්න එපා : IMF ලාස්ට් චාන්ස් එක ගන්න - හර්ෂ

ජනතාවට මෙහෙම කරන්න එපා : IMF ලාස්ට් චාන්ස් එක ගන්න - හර්ෂ

ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය පිළිබඳව විශ්ලේෂණය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පෙබරවාරි 25 වනදාට ආර්ටිකල් හතර වාර්තාව එහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් මෙරට ජනතාව තව තවත් පීඩාවට පත් නොකොට එම වාර්තාව මෙරට පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර පක්ෂ විපක්ෂ බේදයකින් තොරව රට ගොඩගැනීම සඳහා එම වාර්තාවට අනුව තිරසාර වැඩපිළිවෙලක් සකස් කිරීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පැවසුවේ අද වනවිට රට ඇද වැටී තිබෙන තත්ත්වය අනුව දේශීය විසඳුමක් මගින් වත්මන් ආර්ථික අර්බුදය කළමනාකරණය කරගැනීමට යාම අනුවණ ක්‍රියාවක් බවයි.

නමුත්, මහ බැංකුවේ අධිපතිවරයා දේශපාලන වුවමනාවන් මත කටයුතු කරමින් දිගින් දිගටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතික්ෂේප කිරීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාගැනීමට හැකියාව තිබෙන විසඳුම පවා ලබාගැනීමට නොහැකි තත්ත්වයක් දිනෙන් දිනම නිර්මාණය වෙමින් පවතින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එසේම ,“දැන් ඛනිජ තෙල් ප්‍රශ්නය විදුලි බල ප්‍රශ්නයක් බවටත් පත්වෙලා. මෙය ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකුවල ස්ථායීතාවයට ලොකු ගැටලුවක් ඇතිකර තිබෙනවා. තෙල් සංස්ථාවට ණය දෙන්න එපා කියල, මහජන බැංකුවට සහ ලංකා බැංකුවට මහ බැංකු අධිපතිවරයා උපදෙස් දුන්නා කියල, අද පත්තරවල තියනවා. පේනවනේද ගැටලුවේ බැරෑරුම් කම? මේ බැංකුවලට ප්‍රශ්නයක් වු‍ණොත් අමාරුවේ වැටෙන්නේ සාමාන්‍ය මහජනතාව නේද?“ යනුවෙන් ද ඔහු පැවසීය.

මෙහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ වාසුදේව අමාත්‍යවරයා කියන ආකාරයට හාල්පොත් සහ තෙල් පොත් ක්‍රමයක් වර්තමාන සමාජ ක්‍රමය තුළ ක්‍රියාත්මක කළ නොහැකි බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

“රාජපක්ෂලාට අපි කියනවා ඔබලා මේ වැඩේ සම්පූර්ණයෙන්ම අනාගත්තා. දැන් යනඑන මං නෑ. නමුත්, ස්වාධීන ආර්ථික විද්‍යාඥයින් සහ විපක්ෂයේ අපි කියන දේවල් ඔබලා අහන්නවත් සූදානම් නෑ. මෙහෙම රටක් කරන්න බෑ. අපි ඔබලාට බල කරනවා, 25 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලංකාව ගැන වාර්තාව ඉදිරිපත් වූ විට වහාම එය ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, දේශපාලන පක්ෂ පාට බේදයෙන් තොරව මේ රටේ ජනතාව බේරා ගැනීමට වැඩපිළිවෙලක් හදන්න කියලා“,

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න