වෙළෙඳ පොළේ බඩු නැති වුනාට : ලාෆ් ගෑස් මිලත් ඉහළට !

වෙළෙඳ පොළේ බඩු නැති වුනාට : ලාෆ් ගෑස් මිලත් ඉහළට !

ලාෆ් ගෑස් සමාගම විසින් ගෑස් මිල ඉහල දමා තිබෙන බව වාර්තා වෙයි.

ඊට අනුව ලාෆ් සමාගමේ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රු 4199කි.

මෙම මිල ඉහල දැමීම පෙර මිලට අනුව රුපියල් 1500ක පමණ මිල වැඩිකිරීමකි.

කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 1680ක් වන අතර කිලෝග්‍රෑම් 2.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 672කි.

වෙළෙඳ පොළේ බඩු නැතුවම මිල ඉහළට !

කෙසේ වුවත් මේ වන විට ලාෆ් සමාගමේ 12.5 kg, 5kg, 2.5 kg ගෑස් හිඟයක් පවතී.

එයින් ලාෆ් ගෑස් ගෘහස්ථ පරිභෝජනයට භාවිතා කළ ජනතාව අතිමහත් පීඩාවකට පත්ව ඇත. ඒ පසුබිමේ සිදුකර ඇති මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව සිය බලවත් කනස්සල්ලකින් පසුවෙයි. පාරිභෝගික කටයුතු වෙනුවෙන් වෙනම අමාත්‍යංශයක් පැවතියත් එයත් ක්‍රියාත්මක වන්නේ පාරිභෝගිකයන් වෙනුවෙන් ද නැත්නම් සමාගම් වෙනුවෙන් ද කියා ජනතාව ප්‍රශ්න කරයි.

මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමද කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2000කින් ඉහල දැමීමට අවසර ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න