කබ්‍රාල්ට විදෙස් ගමන් තහනම් !

කබ්‍රාල්ට විදෙස් ගමන් තහනම් !

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට විදෙස්ගතවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝගයක් නිකුත් කළේ ය.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල වන අතර ඒ, අජිත් නිවාඩ් කබ්‍රාල් මහබැංකු අධිපතිවරයාව සිටියදී මහජන මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් හිටපු ආණ්ඩුකාරවරයෙක් වන කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත්කළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ය.

තවද අජිත් නිවාඩ් කබ්රාල් ට ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි ද අද නිකුත් කෙරිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න