මුදල් ඇමති , ලේකම් , මහ බැංකු අධිපති නැතුවම : රු. බිලියන 119.08 ක් අච්චු ගහලා !

මුදල් ඇමති , ලේකම් , මහ බැංකු අධිපති නැතුවම :  රු. බිලියන 119.08 ක් අච්චු ගහලා !

මුදල් ඇමති, මුදල් අමාත්‍යංශ ලේකම්, මහ බැංකු අධිපති නැති රටේ අච්චු ගැසිල්ල දිගටම සිදුවන බව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් කියයි.

හිටපු ආණ්ඩුකාර විසින් මාධ්‍ය වෙත යොමුකළ නිවේදනයක මේ බව සඳහන් වෙයි.

ඊට අනුව 2022 අප්‍රේල් 6 (ඊයේ දිනයේ) පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව රු. බිලියන 119.08 ක මුදලක් අච්චු ගසා ඇත.

කැබිනට් බලතල සහිත මහ බැංකු අධිපති ධූරයක් ස්ථාපනය කර එයට අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීමෙන් පසුව අච්චු ගැසූ මුදල රු. ලක්ෂ 4,434,700 (රු.බිලියන 443.47) කි.

මුදල් ඇමති, මුදල් ලේකම්, මහ බැංකු අධිපති අතුළු රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් සියලුම නිලධාරීන් නොමැති වුවත් රජය අඛණ්ඩව මුදල් අච්චු ගැසීම සිදු කරයි.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව 2020 ජනවාරි 1 දින සිට මේ දක්වා රු. බිලියන 1,774.77 ක් අච්චු ගසා ඇත. (රු. මිලියන දාහත් ලක්ෂ හැත්තෑ හතර දහස් හත්සිය හැත්තෑවක්)

ඉන්දියන් රජයේ ණය යටතේ සති 4 කට අවශ්‍ය ඉන්ධන හා සීමිත ඖෂධ ලැබී ඇති නමුත්, ඉදිරි සතිය තුල ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මුලික එකඟතා ඇති කර ගත නොහැකිවන්නේ නම් රටේ ඉන්ධන හෝ විදුලිය නොමැති තත්වයකට පත්වීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇත.

වත්මන් දේශපාලන වියවුල සමනය කිරීමට අවශ්‍ය කිසිදු සාධනීය පියවරක් ගැනීමට රජය මේ දක්වා අසමත්වී ඇත. විපක්ෂය ද රාජ්‍ය බලය ලබාගැනීමට හෝ විකල්ප හෝ භාරකාර රජයක් පත් කර ගැනීමට කිසිදු උත්සහයක් දරන්නේ නැත. අද දින රජයට විශ්වාස භංගයක් හෝ දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට විපක්ෂය කටයුතු නොකරන්නේ නම්, හෙටින් පසුව දින 11 කට නැවත පාර්ලිමේන්තුව රැස්වන්නේ නැත.

මුදල් අච්චු ගසමින් වැටුප් ගෙවීමෙන් අද පවත්නා ආහාර, විදුලිය, ගෑස් හිඟයට පිළියමක් ලැබෙන්නේ නැත. ආර්ථික අර්බුදය විසඳීමට නම් රටේ විධිමත් ආණ්ඩුවක් ස්ථාපනය කර දේශපාලන ස්ථාවරත්වය මුලින්ම ඇති කර ගත යුතුව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න