ස්වාධීන කණ්ඩායම සහ ජනාධිපති අතර සාකච්ඡා ඇදෙයි : අද කැබිනට් නෑ !

ස්වාධීන කණ්ඩායම සහ ජනාධිපති අතර සාකච්ඡා ඇදෙයි : අද කැබිනට් නෑ !

අද (11) දිනයේ අලුත් කැබිනට් මණ්ඩලයක් දිවුරුම්දීමට සූදානමක් පැවති නමුත් එය කල්දමා ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ආණ්ඩුව නියෝජනය කළ නමුත් මේ වන විට ස්වාධීනව සිටින පක්ෂ 10 , පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඊයේ පැවති සාකච්ඡා එතරම් සාර්ථකවී නැතත් තවදුරටත් සාකච්ඡා කිරීමට පාර්ශ්ව එකඟතාව පළකර ගෙන තිබේ.

ඊයේ (10) පැවති සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහ ලේකම් දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහභාගී විය.

එසේම පක්ෂ 10 සන්ධානය නියෝජනය කරමින් එම පක්ෂවල නායකයින් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, පුජ්‍ය අතුරලියේ රතන හිමි, අසංග නවරත්න, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, වීරසුමන වීරසිංහ හා ඒ.එල්.එම්. අතාවුල්ලාහ් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

ඊට අමතරව අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම ජයන්ත, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ හා ජෝන් සෙනවිරත්න ද මෙම සාකච්ජාවට එක්ව තිබේ.

එහිදී වැඩිදුරටත් වාර්තා වන්නේ 113ක බහුතරයක් ඇති අයෙකු ඇත්නම් අගමැති ලෙස පිළිගන්න තමන් සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා අති බවත් වාර්තා වෙයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න