ඩොලරුත් නෑ - ගෑසුත් නෑ : දින 05 ට ලිට්‍රෝ වැහෙයි !

ඩොලරුත් නෑ - ගෑසුත් නෑ : දින 05 ට ලිට්‍රෝ වැහෙයි !

ලිට්රෝ සමාගම සතු ගෑස් තොග අවසන්වීම හේතුවෙන් මෙරට වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ඊයේ (12) වනදා සිට ගෑස් සැපයුම නැවතී ඇති ඊට හේතුව ලෙස සඳහන් වන්නේ ගෑස් ආනයනය කිරීම සඳහා මුදල් නොමැති වීමය.

ලිට්‍රෝ සමාගමේ ආරංචි සඳහන් කරන්නේ ගෑස් මිල වැඩි කිරීමට අවස්ථා ගණනාවකදී අවසර ඉල්ලුවද දිගින් දිගටම ගෑස් මිල වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය අවසර ලබා නොදීම හේතුවෙන් මේ වන විට සමාගම දැඩි අසීරුතාවට පත්ව ඇති බවය.

ඒ අනුව මේ වන විට මෙරටට ගෑස් ආනයනය කරන සමාගම වෙත ලබා දීමට ඇති ඩොලර් මිලියන 10ක ණය මුදල ගෙවා දැමීමෙන් පසුව පමණක් යළි ගෑස් ලබාදීමට එම සමාගම එකඟත්වය පළ කර ඇති බව පැවසේ.

මේ වන විට මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව එක්ව දේශීය බැංකුවකින් 16%ක පොලියකට ඩොලර් මිලියන 10ක ණයක් ඒ සඳහා ලබාගැනීමට කටයුතු සූදානම් කරමින් ඇති බවද වාර්තා වේ.

එම ණය මුදල කඩිනමින් ලබා ගැනීමට හැකි වුවහොත් බොහෝ විට එළඹෙන 18 වන සදුදා දින සිට යළි මෙරට වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට හැකියාවක් පවතින බව ලිට්රෝ සමාගමේ ආරංචි මාර්ග පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න