එජාපය තනි ආණ්ඩුවකට සුදානම් - ඇමති හරින්

එජාපය තනි ආණ්ඩුවකට සුදානම් - ඇමති හරින්

විශ්වාසභංග යෝජනාව පරාජය කර තනි එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් සැදීමට තම පාර්ශ්වය සුදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එසේම විශ්වාසභංග යෝජනාවට සහයෝගය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු වලින් ඉවත්විය යුතු බව බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

තමාගේ පුද්ගලික කැමැත්ත "තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් සැදීම" බව සඳහන් කළ හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා බහුතරයක් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ද මතය එය බවත් පෙන්වා දුන්නේය.

එජාපයේ අනාගත පැවැත්ම !

ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්කර ඇති විශ්වාස භංගයෙදී ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ඊට පක්ෂව කටයුතු කළහොත් විශ්වාස භංගය පරාජයට පත්කළ වහාම අනෙකුත් සුළු පක්ෂවල සහයෙන් එජාප ආණ්ඩුවක් පිහිටුවන ලෙස එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් අගමැතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවිය ද වාර්තා කර තිබේ.

එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දින කිහිපයේම එජාප මන්ත්‍රීවරුන් හතර පස්දෙනා කණ්ඩායම් වශයෙන් කැඳවමින් විශ්වාස භංගය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා පැවැත්විය.

එහිදී එජාපයේ හා ආණ්ඩුවේ අනාගත පැවැත්ම සම්බන්ධයෙන් ද එම මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා සාකච්ජා කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න