මනෝ - රෝසි "නෝ" කතා : එජාපයේ කොළඹ බලකොටුවත් අවධානමේ

මනෝ - රෝසි "නෝ" කතා : එජාපයේ කොළඹ බලකොටුවත් අවධානමේ

කොළඹ මහ නගරසභාවේ නගරාධිපතිනිය වන රෝසි සේනානායක සහ අමාත්‍ය මනෝ ගනේෂන් අතර දේශපාලන ගැටුමක් පැවතීම හේතුවෙන් නගරසභාවේ බලය එජාපයට අහිමිවීමේ අවධානමක් පවතින බව වාර්තා වෙයි.

ඒ කොළඹ මහ නගරසභාවේ නගරාධිපතිනිය වන රෝසි සේනානායක බලය තහවුරු කරගෙන සිටින්නේ එක් මන්ත්‍රී ආසනයක වැඩි ඡන්දයෙන් වන නිසාත් අයවැයක් වැනි තීරණාත්මක අවස්ථාවක ජන්දයක් නොමැතිව බලය ගිළිහීයාමක් විය හැකි නිසාය.

මනෝ - රෝසි "නෝ" කතා

මේ සම්බන්ධව ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක් කරමින් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කර තිබෙන්නේ නගරාධිපතිනියගේ තනතුර ආරක්ෂා කර ගැනීමට නම් තම සංවිධානය නියෝජනය කරනු ලබන සභිකයන් දස දෙනාගේ සහය ගතයුතුව ඇති නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් එක්සත් ජාතික පක්ෂ නායකත්වය හෝ කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනිය හෝ සාකච්ඡා කර නොමැති බවය.

එසේම ඉදිරි අයවැය විවාදයේදී එජාපයේ එක් මන්ත්‍රීවරයකුගේ සහය නොලැබුණහොත් නගරාධිපතිනිය එම ධූරයෙන් ඉවත්වීමේ අවදානමක් පවතින බැවින් තම සංධානයේ සහය ගැනීම අනිවාර්ය වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී මාස එකහමාරකට අධික කාලයක් ගතවී ඇතත් මේ සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකිරීම නිසා එජාපය හා තමා කළකිරීමෙන් සිටින බවද ඔහු සඳහන් කර තිබේ.

මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ පළාත් පාලන ජන්දය අවස්ථාවේ සිට රෝසි සේනානායක මහත්මිය සහ අමාත්‍ය මනෝ ගනේෂන් අතර දේශපාලන දුරස්ථභාවය වැඩිවී ඇති බවත් මෙම ප්‍රශ්නය විසඳීමට සිදුවන්නේ එජාප නායකත්ව මට්ටමේ මැදිහත්වීමක් හරහා බවය.

රෝසිගේ "PR" ප්‍රශ්නයක්

එසේම රෝසි සේනානායක මහත්මිය එජාපයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රබලයින් සමඟද එතරම් හිතවත්කමක් නොපවත්වන බවත් එහෙයින් එම මහත්මිය එජාපයේ යෝජනාවක් ලෙස නගරාධිපතිනියවූවා නිසා එසේ නොවන්න මේ වන විටත් නගරාධිපතිධුරය නැතිකර ගැනීමේ අවධානමක් තිබෙන බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න