Language Switcher

V2025

විශ්වාසභංගය : 'දුමින්ද කියන කතාව පිළිගන්න බැහැ' - ඩිලාන්

විශ්වාස භංගය ඉදිරිපත් කර ඇත්තේ සම්මුති ආණ්ඩුව කඩා දැමීමට යයි ඇතැමුන් කියන කතා කිසිඳු ලෙසකින් පිළිගත නොහැකි බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසිය.

විශ්වාස භංග යෝජනාව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර "විරසකයක් ඇති කිරීමේ" සහ "ජාතික ආණ්ඩුව විනාශ කිරීමේ" අරමුණින් ඒකාබද්ධ විපක්ෂය ගෙන යන දේශපාලන උපාය මාර්ගයක් බව ශ්‍රීලනිප මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පසුගියදා 'බීබීසී සිංහල සේවයට' විශේෂ ප්‍රකාශයක් දෙමින් අවධාරණය
කර සිටියේය.

කෙසේවුවද ඩිලාන් පෙරේරා මහතා පවසන්නේ, අගමැතිවරයා 04දාට පෙර ඉල්ලා අස්වුවහොත් සම්මුති ආණ්ඩුව රැකෙන බවයි.

 අගමැතිට ඉල්ලා අස්වෙන්නැයි ශ්‍රීලනිපයෙන් බලපෑම් !

laxman yapa

"ජනතාව සහ රට වෙනුවෙන් සම්මුතිවාදී ආණ්ඩුව ආරක්ෂාකර ගන්න අවශ්‍ය නම්, අගමැතිතුමා ඒ තීන්දුව ගත යුතුයි '' - ලක්ෂ්මන් යාපා

 එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති සම්මුතිවාදී ආණ්ඩුව රැක ගැනීමටනම් අගමැති රනිල් වික්‍රමසිංහ විශ්වාසභංග යෝජනාවට පෙර ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටියි.

ඊයේ (මාර්තු 30) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම ස්ථාවරය ප්‍රකාශයට පත් කරන ලද්දේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය ඇමතිවරයා විසිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු ලෙසකින් දැනට ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවේ දී අගමැතිවරයාට සහයෝගය නොදෙන බව අවධාරණය කළ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සම්මුතිවාදී ආණ්ඩුව රැකගැනීමට නම් අගමැතිවරයා ඉල්ලා අස්වීම හැර වෙන විකල්පයක් නොමැති බව කියා සිටියේය.

"ජනතාව සහ රට වෙනුවෙන් සම්මුතිවාදී ආණ්ඩුවක් ආරක්ෂාකර ගන්න අවශ්‍ය නම්, අගමැතිතුමා ඒ තීන්දුව ගන්න. එතකොට අප්‍රියෙල් හතරවෙනිදාට මේ ප්‍රශ්නය මතු වෙන්නේ නැහැ" ඇමතිවරයා සඳහන් කළේය.

"අගමැතිතුමා එම පියවර ගත්තේ නැත්නම් ලබන හතර වෙනිදා රාත්‍රි නවය වෙනකොට මේ රටේ සම්මුතිවාදී ආණ්ඩුවක් නැහැ" අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අවධාරණයෙන් කියා සිටියේය.

 'ජනවාරි 08 බලාපොරොත්තු සුණුවිසිනු කරන්න දෙන්න බැහැ''

z p04 Dividing''ජනවාරි 08 වනදා ඡන්දය දුන් හැටදෙලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු සුණුවිසිනු කරන්නට පුළුවන්කමක් නැහැ'' - ඇමති දුමින්ද

 කෙසේවුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමත්‍ය දුමින්ද දිසානායක මහතා පවසන්නේ, 2015 ජනවාරි 08 වනදා ඡන්දය දුන් හැටදෙලක්ෂයක් ජනතාවගේ බලාපොරොත්තු සුණුවිසිනු කරන්නට පුළුවන්කමක් නොමැති බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පළාත් පාලන ආයතන සදහා පත් වූ පළාත් පාලන නියෝජිතයින් දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගී වෙමින්ය.

2015 ජනවාරි 08 ජනවරමට පිටු නොපෑමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුලු සියලු දෙනාට "වගකීමක් තිබෙන" බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පසුගියදා 'බීබීසී සිංහල සේවයට' ප්‍රකාශයක් දෙමින් අවධාරණය කළේය.

"මේ රටේ අති බහුතරයක් ජනතාව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දුන්නේ, හොරු ගැන කතා කළාට හොරු ඇල්ලුවේ නැති නිසා. හොරුන්ට ජයගන්න දෙන්නේ නැති ඕනෑම දෙයක් කිරීමට මේ ආණ්ඩුවට විශාල වගකීමක් තියෙනව." යයි ද ශ්‍රීලනිප මහ ලේකම්වරයා එහිදී ප්‍රකාශ කළේය.

 වීඩියෝ 

එයාලා ගැන පුදුමයක් නැහැ :

 susil dayasiri sb thilanga 1000px


'' මේ අය ජනවාරි 08 ජනපතිවරණයේදී "හොරකම, දූෂණය, වංචාවට විරුද්ධ නොවූවන්"

 පක්ෂයක් ලෙසින් තීන්දුවක් ගෙන නැතත්, සුසිල් ප්‍රේමජයන්ත්, දයාසිරි ජයසේකර සහ එස්.බී දිසානායක අමාත්‍යවරුන් මෙන් තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානායකවරයා වැනි පිරිසක් විශ්වාස භංග යෝජනාවට සහාය දිය යුතුය යන ස්ථාවරයක සිටින බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව විමසූ අවස්ථාවේ ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයා කියා සිටියේ ඔවුන් සියලු දෙනාම ජනවාරි 08 ජනපතිවරණයේදී "හොරකම, දූෂණය, වංචාවට විරුද්ධ නොවූවන්" බැවින් තමන් ඒ පිළිබඳව "පුදුම නොවන" බවය.

"එතකොට හැබෑවටම ජනතාව නියෝජනය කරපු අයගේ මතය ඕක නෙවෙයි. ඉතින් මත දෙකක් මෙතන තියෙනව."ඇමතිවරයා කියා සිටියි.

බොහෝ දූෂිතයන්ට එරෙහිව අධිකරණ විමර්ශන ආරම්භ වී තිබෙන මොහොතක් ඔවුන්ගේ "ගැලවීම වෙනුවෙන්" කෙරෙන විශ්වාස භංගයකට කිසිසේත් සහාය දිය නොහැකි බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අවධාරණය කළේය.