අපචාර කතාවලට වයින්වලින් ගෙවූ පත්තරයක් සමාව ඉල්ලයි

අපචාර කතාවලට වයින්වලින් ගෙවූ පත්තරයක් සමාව ඉල්ලයි

පෞද්ගලික ලිංගික හිංසන අත්දැකීම් තමන්ට ලබා දෙන කාන්තාවන්ට ත්‍යාගයක් ලෙස වයින් බෝතලයක් දිනා ගැනීමේ අවස්ථාවක් ලබා දුන් උගන්ඩාවේ ප්‍රමුඛ පෙලේ පුවත්පතක් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබේ.

ලිංගික හිංසනයේ හෝ ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ ගොදුරක් බවට පත් වුවන්ගේ කතාව ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන මෙන් “ද ඩේලි මොනිටර්” පුවත්පත ඉල්ලීමක් කර තිබුණි.

වාසනාවන්ත එක් පුද්ගලයෙක් හට ඒ වෙනුවෙන් “උසස් තත්වයෙන් යුත් වයින් බෝතලයක්” තෑගි ලැබෙනු ඇති බව ඔවුන් පවසා ඇත.

ගෘහස්ථ හිංසනය සහ ලිංගික හිංසනය උගන්ඩාව තුල ප්‍රධාන ගැටළුවක් වී ඇති අවස්ථාවක මෙවැන්නක් ප්‍රචාරය කිරීමම හැඟීම් විරහිත භාවය ප්‍රදර්ශනය කිරීමකි.

එරට රජය විසින් පසුගිය වසරේදී එළිදැක්වූ වාර්තාවකට අනුව වයස අවුරුදු 15 ත් 49 අතර කාන්තාවන් පස් දෙනකුගෙන් එක් අයකුට වැඩි දෙනෙක් ගෘහාශ්‍රිත හෝ ලිංගික අපචාරවල ගොදුරක් වී තිබේ.

නමුත් “ද ඩේලි මොනිටර්” පුවත්පත ප්‍රකාශ කරන්නේ මෑතකදී නිකුත් කළ නවතම වාර්තාවක් ඊට වඩා ඉහල අගයක් පෙන්නුම් කරන බවයි. එනම්, උගන්ඩා කාන්තාවන් 51 % ක්ම සිය ජිවිත කාලය තුල කායික හෝ ලිංගික වශයෙන් සමීප සහකාර හිංසනයට ලක්ව ඇති බවයි.

“එතරම් දුක්ඛිත අත්දැකීමක් තරගයක් ලෙස හුවා දක්වන” පුවත්පතේ ක්‍රියා කලාපය ෆෙම් ෆෝත් කාන්තා හිමිකම් සංවිධානයේ දෝෂ දර්ශනයට ලක් වී ඇත.

“මිනිස්සු තමන්ගේ අත්දැකීම ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙන්නේ එය තමන්ට සැනසිල්ලක් වනවා නම් මිසක් වයින් බෝතලයක් දිනා ගන්න නෙවෙයි,” යනුවෙන් එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් සංවිධානය සිය ෆේස්බුක් සමාජ මාධ්‍යයේ සඳහන් කර තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පුවත්පත මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇත.

“ඩේලි මොනිටර් පුවත්පතේ අපගේ අරමුණ වුණේ ලිංගික හෝ ස්ත්‍රි පුරුෂ භාවය මත පදනම් වූ හිංසන සැමරීම නොවේ, මෙම පුවත පදනම් කොටගෙන යම් වරදවා වටහා ගැනීමක් වේ නම් අපි ඊට සමාව ඉල්ලා සිටිනවා. ඒ නිසා අපි එම පුවත මකා දැමුවා”

(radiogagana)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න