විශ්වාසභංගය : රහස් ඡන්දයක් තිව්වොත් මහින්දත් රනිල්ට !

විශ්වාසභංගය : රහස් ඡන්දයක් තිව්වොත් මහින්දත් රනිල්ට !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා අප්‍රේල් 04 වැනි දා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා රහස් ඡන්දයක් පැවැත්වුවහොත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්දය ද රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව ලැබෙනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන්ට සැකයක් මතුව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන බැසිල්වාදින්ගෙන් එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා අනුකුලතාවයක් දැක්වීම එම සැකයට හේතුවී ඇත.

විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ගේ උපරිම සහය ලබාගැනීමට එම විවාදයට ගන්නා අප්‍රේල් 04 වැනි දා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා රහස් ඡන්දයක් ඉල්ලා සිටීමට දිනේෂ් ගුණවර්ධන මහතා බලාපොරොත්තුව සිටියද බැසිල්වාදීන්ගේ ස්ථාවරය නිසා මේවනවිට එම අදහස ඉවත්කර ගෙන ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ඒකාබද්ධය තුල රනිල්ට සහයදෙන පිරිසක් ?

විශ්වාසභංග යෝජනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බේරා ගැනීම සදහා ඒකාබද්ධ විපක්‍ෂය තුල වෙනම මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත්, විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට බාර දීමට යද්දී විවිධ හේතු කියමින් එය වලකාලීමට උත්සාහ දැරු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙම මෙහෙයුම පිටුපස සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් මෙහෙයවන 'ලංකා සී නිව්ස්' වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

විශ්වාස භංග යෝජනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි අවාසිදායක තත්වයක් නිර්මාණය වී ඇති නිසා එම තත්වය අවුල් කිරීම සදහා මෙම පිරිස උත්සාහ ගනිමින් සිටින බවත් එම වෙබ් වාර්තාවේ සඳහන් වේ.

විශ්වාසභංග යෝජනාවෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නේ යයි එම මන්ත්‍රී පිරිසෙන් කිහිප දෙනෙකු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටින්නේ එම සැලසුම අනුව බව එහි දැක්වේ. ranjan 670px

"එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් අගමැතිතුමා දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දුන්නාම එතුමා බේරා ගැනීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සෑම අවස්ථාවකම පියවර අරගෙන තියෙනවා"- රන්ජන් රාමනායක

 මහින්ද විශ්වාසභංගයට අත්සන් නොකළ හේතුව ?

මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විශ්වාසභංග යෝජනාවට අත්සන් නොතැබීම සමාජ සවිබල ගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් විග්‍රහ කරනු ලබන්නේ "දෙදෙනා අතර පවතින මිත්‍රත්වයේ" ප්‍රතිඵලයක් ලෙසය.

"අගමැතිතුමා සහ හිටපු ජනාධිපතිතුමා අතර දීර්ඝකාලීන ගැඹුරු මිත්‍රත්වයක් පවතිනවා. දෙදෙනා ඔවුනොවුන්ට දුෂ්කර කාල වකවානුවල උදව් කරගෙන තියෙනවා. මෙවර විශ්වාසභංග යෝජනාවට අත්සන් නොතැබීමත් එහි තවත් අවස්ථාවක් " නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.

"ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන තේරෙන හැම කෙනෙක්ම දන්නවා - මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ කියන්නේ හොඳ හිතවතුන් දෙදෙනෙක් බව. එය කාලයක පටන් එන මිතුරු දහමක්.

අපේ නායකයා හැටියට අපි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට ආදරය කරනවාට වැඩියෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා රනිල් වික්‍රමසිංහ මහත්මයාට ආදරය කරනවා"නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.

"එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් අගමැතිතුමා දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දුන්නාම එතුමා බේරා ගැනීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පියවර අරගෙන තියෙනවා" ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න