වටරැක බන්ධනාගාර කදවුරේ සිට කොළඹ වැඩබිම් කරා ගිය සිරකරුවන් පිරිසක් අරගලයට පහර දුන් අය බවට සැක සිතා තලාහේන ප්‍රදේශයේදී පහර දීහක් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
මෙහිදී සිරකරුවන් 58 දෙනකු පළා ගොස් ඇති බවත් ඔවුන් හමුවුවොත් දැනුම්දෙන ලෙසත් ඔහු පැවසීය .
බන්ධනාගාර ප්‍රකාශක මෙසේ අදහස් දක්වා සිටියේ , ඊයේ ප්‍රහාරයට බන්ධනාගාර සිරකරුවන් යොදාගෙන තිබේද යනුවෙන් සමාජ මාධ්‍ය සහ මාධ්‍ය කිහිපයක පළවූ පුවත් වලට ප්‍රතිචාර දක්වමින් ය.
නමුත් එහිදී අත්‍යාවශ්‍ය කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නොමැති බව අප වෙබ් සංස්කාරකවරයා සමාජ මාධ්‍ය ඔස්සේ පෙරළා ප්‍රශ්න කර තිබිණ.
ඒ
1) මේ සිරකරුවන් ප්‍රවාහනය කරන්නේ , බන්ධනාගාර නිලධාරීන් ගේ ආරක්ෂාව යටතේ නෙවෙයිද ? සිරකරුවන් බස් වලින් බස්වන විට ඒ නිලධාරීන් මොකද කළේ ?
2) මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ පොලිසිය වෙත පැමිණිල්ලක් කරාද ? ඒ බව මෙහි නොකියන්නේ ඇයි ?
3) නොසන්සුන් තාවක් මතුව ඇති විට ඊට සරිලන ලෙස සිරකරුවන් ආරක්ෂා නොකළ නිලධාරීන් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද ?
4) අනේ මන්දා , ප්‍රශ්න ගොඩයි. මොනවා වුණත් කරුණු කාරණා සහිතව ජනතාව දැනුවත් කරන්න .
යනුවෙනි .
පහත දැක්වෙන්නේ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශයකගේ ප්‍රකාශය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
