පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන් ඉල්ලීමක් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.
කථානායකවරයා සදහන් කරන්නේ , රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් සංවාදයට ලක් කළ යුතු බවය.
එසේම වර්තමානයේ රට තුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සහගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව හෙට (11) රැස්වන පක්ෂ නායක රැස්වීමේදී තීරණයකට එළැඹෙන බවත් කතානායක පවසයි .
ඒ අනුව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (11) පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතය.
එමෙන්ම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් නව අග්‍රාමාත්‍යවරයෙකු ද තෝරා පත් කර ගැනීමේ වගකීම පාර්ලිමේන්තුවට පැවරී ඇති බව කථානායකවරයා අවධාරණය කර ඇත .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
