Language Switcher

V2025

තිරිඟු පිටි මිල ඉහළට : පාන් මිල අහස උසට !

තිරිඟු පිටි මිල රුපියල් 35 කින් ඉහළ යෑම හේතුවෙන් ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පැවසීය.

මෙම මිල ඉහළ දැමීම අද (19) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව ද ඔහු පැවසීය .

එසේම අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ද මීට සමගාමීව ඉහළ දැමීමට තීරණය වී ඇති බවත් වාර්තා වෙයි .