හරීන් මනූෂ ආණ්ඩුවට : ඇමති 9 ක් දිවුරුම් දෙති : රාජ්‍ය අමාත්‍යවරුන් 30 ක් ?

හරීන් මනූෂ ආණ්ඩුවට : ඇමති 9 ක් දිවුරුම් දෙති : රාජ්‍ය අමාත්‍යවරුන් 30 ක් ?

අද ( 20) කැබිනට් අමාත්‍යවරුන් ලෙස 09දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම්දී ඇත .

එහි විශේෂ කරුණ වන්නේ සමගි ජනබලවේගය පක්ෂයේ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ද ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධූර ලබාගෙන තිබීමය .

අදාළ අමාත්‍යවරුන් පහත දැක්වෙයි .

IMG 20220520 WA0002

අමාත්‍ය මණ්ඩලය 25 යි : රාජ්‍ය අමාත්‍යවරුන් 30 යි !

මේ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන් අද රාත්‍රී ඉන්දියාව බලා පිටත්වයාමට නියමිත අතර ඔහු ලබන අඟහරුවාදා යලි දිවයිනට පැමිණි පසු අමාත්‍යවරයකු ලෙස දිව්රුම්දීමට නියමිත බවත් වාර්තා වෙයි.

ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළුව 25 දෙනකුට සීමා කෙරෙන අතර ඉන් සිවු දෙනකු දැනටමත් දිවුරුම් දී අවසන් ය.

 මේ අතර රාජ්‍ය ඇමතිවරුන් තිස් දෙනකු පත් කිරීමට නියමිත බවද දැනගන්නට ඇත .

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පවසා සිටියේ නව කැබිනට් අමාත්‍යවරුන්ට හිමි වැටුප නොගෙවන බවයි.

එසේම අමාත්‍යවරුන්ට හිමි වරප්‍රසාද ද අඩු කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න