මගේ යුතුකම ඉටුකළා : දැන් මෛත්‍රීගේ යුතුකම - හිටපු ජනාධිපති මහින්ද

මගේ යුතුකම ඉටුකළා : දැන් මෛත්‍රීගේ යුතුකම - හිටපු ජනාධිපති මහින්ද

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව පාර්ලිමේන්තුව වෙත විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් තම පාර්ශවයේ යුතුකම ඉටුකර අවසන් බවත් දැන් තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තමන්ගේ යුතුකම ඉටුකිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

තම පාර්ශවය විශ්වාසභංගය ගෙන ඒමට කටයුතු කළ අවස්ථාවේ සිට මේ දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ඊට සහය ලබාදුන් බවත් විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවනවාද පරාජය කරවනවාද යන්නේ අවසන් තීරණය මේ වන විට ජනාධිපතිවරයා සතු බවද ඔහු සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ නුවරඑළිය සීතාඑළිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ වන විට විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම වෙනුවෙන් බහුතරය තමන් සතු බවත් ඒ ජයගැනීමේ හැකියාව ගැන දෙගිඩියාවක් නොමැති බවද පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න