මහනුවර ගිනිතැබූ තවත් කෙරුමන් 4ක් හිරේ : හිටපු යුද හමුදා සෙබළෙකුද ඒ අතර

මහනුවර ගිනිතැබූ තවත් කෙරුමන් 4ක් හිරේ : හිටපු යුද හමුදා සෙබළෙකුද ඒ අතර

මහනුවර ප්‍රදේශයේ ජාතිවාදී කෝළාහල ඇතිකරමින් දේපළ ගිනි තැබීමට කටයුතු කිරීම සම්බන්ධව හිටපු යුද හමුදා සෙබළෙකු ඇතුළුව හතර දෙනෙකු අත්අඩංගුවට ගත්බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මහනුවර සිදුවීම සම්බන්ධව ත්‍රස්ත විමර්ශන අංශය විසින් මීට පෙර අත්අඩංගුවටගත් 10 දෙනා විසින් අනාවරණය කළ තොරතුරු අනුවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කරන ආකාරයට,

දිගන ප්‍රදේශයේ වෙළෙඳසැල් හා ආගමික ස්ථානවලට ගිනි තැබීම සම්බන්ධව රජවැල්ල ගෝනවල පදිංචි ප්‍රසන්න අබේවර්ධන (කම්කරු) , මඩවල ප්‍රදේශයේ වෙළෙඳසැල්වලට ගින්නෙන් අලාභ හානි කිරීම සම්බන්ධව කටුගස්තොට කහල්ලේ පදිංචි සුදිලිනාරගෙදර ශාන්ත ප්‍රියන්ත (ත්‍රීරෝද රථ අලුත්වැඩියාව), පූජාපිටිය අඹතැන්න වෙළෙඳසල්වලට සහ ආගමික ස්ථානවලට ගිනි තැබීම සහ අලාභ හානි කිරීම සම්බන්ධව අඹතැන්න පදිංචි දිසානායක මුදියංසේලාගේ සම්පත් සූරියබණ්ඩාර, අඹතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැල්වලට හා ආගමික ස්ථාන වලට ගින්නෙන් අලාභ හානි සිදුකිරීම සම්බන්ධව අඹතැන්න පදංචි හේරත් මුදියන්සේලාගේ පියතිස්ස (හිටපු යුද හමුදා සෙබළා) යන අය අත්අඩංගුවට ගෙන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න