අධ්‍යාපනයේ යහපාලනය දෝරේ ගලයි : විනය චෝදනා ලැබුවන් විදෙස් පාඨමාලාවකට

අධ්‍යාපනයේ යහපාලනය දෝරේ ගලයි : විනය චෝදනා ලැබුවන් විදෙස් පාඨමාලාවකට

රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිකළ නායකත්ව පුහුණු පාඨමාලාවකදී විදුහල්පතිවරියක මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට නිර්දේශ වූ අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රසම්පාදන අංශයේ අතිරේක ලේකම්වරයා විදෙස් සංචාරයකට යොමු කර ඇතැයි ගුරු සංගම් චෝදනා කරයි.

එම සංගම් පෙන්වාදෙන ආකාරයට අදාළ විදෙස් සංචාරය සඳහා ඔවුන් යොමුකරවා ඇත්තේද අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍යංශය විසින් වන අතර ඒ අනුව ප්‍රසම්පාදන අතිරේක ලේකම්වරයාට ජපානයට යාමට අවස්ථාව සළසාදී ඇත.

එසේම අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රසම්පාදන අංශයේ අතිරේක ලේකම්වරයා ඇතුළු නිලධාරීන් 8කට එරෙහිව විනය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළ නමුත් ගුරු සංගම් චෝදනා කර සිටින්නේ අමාත්‍යංශය විනය පියවර ගෙන ඇත්තේ නිලධාරීන් දෙදෙනකු සම්බන්ධයෙන් පමණක් බව පවසමින්ය.

අධ්‍යාපන අමාත්‍යංශයේ මෙම හැසිරීම ඉතාම පහත කටයුත්තක් බව සඳහන් කරන ගුරු සංගම් අවධාරණය කර සිටින්නේ මියගිය විදුහල්පතිනියගේ මරණ සහතිකය හෝ වන්දි මුදලවත් මෙතෙක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර නොමැති බවත් ඒ හමුවේ චෝදනා ලැබුවන්ට මෙසේ වරදානදීම ඉතා සැකසහිත කටයුත්තක් බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න