Language Switcher

V2025

ඉන්දීය යූරියා ජුලි 15 සිට ගොවීන්ට : ඒත් අනුරගෙන් බාල්දියක් !

ඉන්දියාවෙන් ලංකාවට ලබා දීමට පොරොන්දු වූ යූරියා පොහොර නැව ජූලි10 හෝ 11 කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි .

යූරියා මෙට්‍රික් ටොන් 65000ක් රැඟත් එම නෞකාව ජුනි 28 වැනිදා ඕමානයෙන් පිටත් වීමට නියමිත බව අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරන අතර , ජුලි 15වැනිදා සිට අදාල පොහොර ගොවීන් වෙත බෙදා දීමට හැකි වන බවත් සඳහන් කරයි.

අදාල යූරියා තොගය පොහොර ලේකම් කාර්යාලය, කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම හරහා ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට බෙදා දෙන අතර ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් කිලෝ 50ක පොහොර මිටියක් රුපියල් දස දහසකට අලෙවි කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි .

යල කන්නයේ වී හා බඩඉරිඟු ගොවීන් සඳහා මෙම පොහොර ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ පැවති කෘෂිකර්ම උපදේශක කාරක සභාවේ දී මන්ත්‍රීවරුන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසූයේ ඉන්දියාවේ ප්‍රයෝජනය සඳහා ඇනවුම් කර තිබූ මෙම පොහොර නැව පසුව ලංකාවට ලබාදීමට ඉන්දීය රජය තීරණය කළ බවයි.

ශ්‍රී ලංකාවට අසීරු අවස්ථාවක ඉන්දියාව ගත් එම තීරණය සම්බන්ධයෙන් කෘතඥතාවය පළ කළ යුතු බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දීය යූරියා වලට අනුරගෙන් බාල්දියක් !

කෙසේ වුවත් ඉන්දියාවෙන් මෙරටට ආනයනය කිරීමට යන ඩොලර් මිලියන 55ක යූරියා මෙට්‍රික් ටොන් 65000 ක ප්‍රමාණය ප්‍රමිතියෙන් බාල තත්වයේ ඒවා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සඳහන් කරයි.

එම පොහොර මෙරට ප්‍රමිතියට අනුකූල නොවන බවත් ඒවා මෙරට වගාවට නුසුදුසු බවත් ඔහු පවසයි .

නමුත් මෙම නොගැළපෙන පොහොර සංයුතිය පිළිබඳ කාරණයට විශේෂ කැබිනට් අනුමැතියක් ලබා ගැනීමේ සූදානමක් ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත .

මෙසේ ආනයනය කරන පොහොර පැළ ගොයම යෙදුවහොත් මුල් කුණු වෙන බව කෘෂි විශේෂඥයන් තමන් සමග පැවසූ බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කර ඇත .