ඇමති දුමින්දට මඩ ගහපු අයට වැඩ වරදින ලකුණු

ඇමති දුමින්දට මඩ ගහපු අයට වැඩ වරදින ලකුණු

ශ‍්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක අනුරාධපුර නැගෙනහිර ආසනයේ එජාප . සංවිධායක ලෙස දෝෂසහගත ලෙස සඳහන් නාම පුවරුව දෝෂ සහගත බවත් සංවේදී දේශපාලන වාතාවරණයක් පවතින අවස්ථාවක දෝෂ සහගත සිහිවටන ඵලකයක් මහජන ප‍්‍රදර්ශනයට ලක් කිරීම පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

අමාත්‍ය දුමින්ද දිසානායක විසින් මේ බව විදුලි බල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයට දැනුම්දී ඇති අතර අදාළ දෝෂය හිතාමතා සිදු කරන ලද වරදක් නම් ඊට වගකිව යුත්තන්ට එරෙහිව නිසි ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසද එහිදී දන්වා ඇති බව වාර්තා වෙයි.

මේ බව සඳහන් කරමින් දුමින්ද දිසානායක අමාත්‍යවරයා නිවේදනයක් නිකුත්කර තිබෙන අතර එම නිවේදනය පහත දැක්වේ.

2018 මාර්තු 31 වන දින අනුරාධපුර ශික්ෂණ රෝහල් පරිශ‍්‍රය සූර්ය බල ශක්තියෙන් ඒකාලෝක කිරීමේ අවස්ථාවේදී විවෘත කරන ලද සමරුඵලකයෙහි ගරු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා අනුරාධපුර නැගෙනහිර ආසනයේ එ.ජා.ප. සංවිධායක ලෙස දෝෂසහගත ලෙස සඳහන් කර තිබීමත්, ඒ පිළිබඳව සමහර මාධ්‍ය මඟින් ලබා දෙන ප‍්‍රචාරයත්, පිළිබඳව ගරු අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි පහත ආකාරයෙන් කරුණු දක්වමි.

එලෙස උක්ත සඳහන් සමරුඵලකයෙහි දක්වා ඇති පරිදි ගරු දුමින්ද දිසානායක මැතිතුමා අනුරාධපුර, නැගෙනහිර ආසනයේ එ.ජා.ප. සංවිධායක ලෙස හුවාදැක්වීම තරයේ ප‍්‍රතික්ෂේප කරන අතර එය උත්සවයේ සංවිධායකයන් විසින් සිදු කරන ලද දෝෂයක් වේ.

සංවේදී දේශපාලන මාතෘකා සාකච්ඡුාවට ලක්ව ඇති මෙවන් මොහොතක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වන ගරු දුමින්ද දිසානායක මැතිතුමා අපහසුතාවයට පත්වන සහ ඔහුගේ ප‍්‍රතිරූපයට හානිවන අයුරින් මෙවැනි සිහිවටන ඵලකයක් සවි කිරීමත් ඒ පිළිබඳව ගරු අමාත්‍යතුමාගෙන් කිසිදු විමසීමකින් තොරව සමහර මාධ්‍ය මඟින් ප‍්‍රචාරය ලබා දීමත් පිළිබඳව දැඩි කණගාටුව මෙන්ම විරෝධය පළ කර සිටිමු.

තවද, ගරු දුමින්ද දිසානායක මැතිතුමාගේ ප‍්‍රතිරූපයට හානි වන අයුරින් මෙවැනි දෝෂ සහගත සිහිවටන ඵලකයක් සංවේදී දේශපාලන වාතාවරණයක් පවතින මෙවන් අවස්ථාවකදී සවි කර මහජන ප‍්‍රදර්ශනයට ලක් කිරීම පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් විදුලි බල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මඟින් සිදු කර, එකී දෝෂය හිතාමතා සිදු කරන ලද වරදක් නම් වගකිව යුත්තන්ට එරෙහිව නිසි ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසද ගරු දුමින්ද දිසානායක මැතිතුමා මේ වන විටත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති විෂය භාර අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමන්ගෙන් ඉල්ලීමක් ද සිදු කර ඇත.

එබැවින් ගරු දුමින්ද දිසානායක මැතිතුමාගේ විෂය පථයට අයත් නොවන අමාත්‍යාංශයක් හා ආයතනයක් මඟින් සංවිධානය කරන ලද උත්සවයකදී දෝෂ සහගතව සවි කරන ලද සමරුඵලකයක් පදනම් කරගනිමින් එතුමන්ගේ දේශපාලන ප‍්‍රතිරූපයට හානිවන අයුරින් ලබා දෙන මාධ්‍ය ප‍්‍රචාරයන් අත්හිටුවීමට සහ නිවැරදි කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව සියලූ මාධ්‍ය සහෘදයන්ගෙන් ඉල්ලා සිටිමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න