චෝදනා දුර්වලයි : විශ්වාසභංග යෝජනාව ගැන විශ්වාසයක් නෑ- ආර්.සම්බන්දන්

චෝදනා දුර්වලයි : විශ්වාසභංග යෝජනාව ගැන විශ්වාසයක් නෑ- ආර්.සම්බන්දන්

විශ්වාසභංග යෝජනාව සඳහා ඉදිරිපත් කර තිබෙන චෝදනා නිශ්චිත නොවන බවත් එබැවින් විශ්වාසභංග යෝජනාව කෙරෙහි විශ්වාසයක් නොමැති බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සඳහන් කරයි.

අද (4) පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග විවාදයේ දී අදහස් විපක්ෂනායකවරයා මේ බව පැවසී ය.

එසේම යම් දේශපාලන අරමුණක් මේ යෝජනාව හරහා ඉටුකර ගැනීමට සුදානම් වන බවක් පෙනෙන්නට ඇති බවත් බැඳුම්කර වංචාව සම්බන්ධව අග්‍රාමාත්‍යවරයාට කරන චෝදනා මේ මොහොතේ ඉදිරිපත් කිරීම ප්‍රශ්නකාරී බවද ඔහු පවසයි.

දුෂණය රට වෙලාගෙන තිබෙන දරුණු ව්‍යසනයක් බවත් දේශපාලඥයින් දූෂණයට මූලශ්‍රයක් යනුවෙන් වන මතය වෙනස් කරන්න අවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය. එසේම දුෂණය පිටුදැකිය හැකි වන්නේ ඊට අදාළ මුලබීජ මුලිනුපුටා දැමීමෙන් බවත් ඒ සඳහා කවුරුත් කැපවිය යුතු බවද විපක්ෂනායකවරයා සඳහන්කර සිටියේය.

නීතියේ ආධිපත්‍ය ඒකසේ පැතිරිය යුතු බවත් එය කිසිඳු අවස්ථාවක විචල්‍ය නොවියයුතු බවද විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් විශ්වාසභංග යෝජනාවේ චෝදනා වල බැඳුම්කර චෝදනා ආරෝපණය කිරීමටගත් උත්සාහයක් මිස නිශ්චිත පොදු චෝදනාවක් ඉදිරිපත් කර නොමැති බවත් එම චෝදනා පවා දුර්වල බවද ඔහු පෙන්වා දුන්නේය.

එසේම ජනවරම තේරුම්ගෙන කවුරුත් කටයුතු කලයුතු බවත් රටට අවශ්‍යව තිබෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් සහ විශාල ආර්ථික වෙළඳපොළකට යාමට අවශ්‍ය ආර්ථික වැඩපිළිවෙළක් බවද පෙන්වාදුන් විපක්ෂනායකවරයා මේ සියළු දේ සිදුකිරීමට රටේ සාමය ස්ථාවර කරගත යුතුබවද අවධාරණය කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න