විශ්වාසභංගය ගැන ජනාධිපති දැරූ ස්ථාවරය මොකක්ද? මහින්ද කියයි

විශ්වාසභංගය ගැන ජනාධිපති දැරූ ස්ථාවරය මොකක්ද? මහින්ද කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබු විශ්වාසභංග යෝජනාවට අදාලව ඊට පක්ෂව ජන්දය දියයුතු බව හෝ විරුද්ධව ජන්දය දියයුතු බව හෝ ජන්දය දීමෙන් වැළකී සිටිය යුතු බවට කිසිඳු ස්ථාවරයක ජනාධිපතිවරයා නොසිටි බව අමාත්‍ය මහින්ද සමරසිංහ සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (05) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

විශ්වාසභංගය කවුරු දිනුවත් කවුරු පැරදුනත් තමන් රටේ නායකයා ලෙස අප්‍රේල් 5 වනදා සිට ආණ්ඩුව ගෙනයා යුතු බවත් එහෙයින් ගනුලබන කිසිම තීරණයකට තමන්ව ගාවනොගන්නා ලෙස ජනාධිපතිවරයා පැහැදිළිව පැවසූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වුවත් පාර්ලිමේන්තු කණ්ඩායමක් ලෙස ගන්නා තීරණයක් ගන්නා ලෙසත් ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස මෙහිදී තමන් තීන්දුවක් ගැනීම නොසුදුසු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වාදුන් බවද අමාත්‍යවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න