ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය අංශය වන සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය කොම්පඤඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කොටුව පොලිස්ථානය වෙත රැගෙනගොස් ඇති බව වාර්තා වෙයි .
ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මර්දනයට එරෙහිව කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය ඉදිරිපිට අද (22) පෙරවරුවේ පැවැත්වූ සාමකාමී නිහඬ විරෝධය අවසන් වීමෙන් පසුවය.
එසේම අරගලය කියමින් රූපවාහිණී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුලුවී එහි විකාශන කටයුතු වලට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි කැලුම් අමරසිංහ අද (22) බාර වු බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.
පොලිසියට බාර වීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි රංගන ශිල්පි ජෙහාන් අප්පුහාමිට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත තිළිණ ගමගේ නියෝග කර ඇත .
ජෙහාන් අප්පුහාමි අධිකරණයට බාරවීමෙන් පසු මෙසේ ඇප මත නිදහස් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
