පාලන මිලක් නියමකර තිබියදී වැඩි මිලට බිත්තර අලෙවි කළ 64කට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාර්තා වෙයි .
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල සඳහන් කළේ, බිත්තර වැඩි මිලට අලෙවි කරන පුද්ගලයින් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බවයි.
වැඩි මිලට බිත්තර අලෙවි කිරීමට එරෙහිව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43 ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 ක් ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
