පාතාලේ මට්ටු කරන්න : විශේෂ පොලිස් මෙහෙයුමක් !

පාතාලේ මට්ටු කරන්න  : විශේෂ පොලිස් මෙහෙයුමක් !

පාතාලය හා මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් මැඩලීමට අද (26) සිට විශේෂ පොලිස් මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වෙයි .

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට , අද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත .

මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී පැවති එම සාකච්ඡාව සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ හා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගි වී ඇත.

පසුගිය කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය වෙළඳාම ඇතුළු පාතාල කල්ලි අතර ගැටුම් වල ඉහළ යාමක් පෙන්නුම් කරන අතර ඒ මත සිදුවන ඝාතනද ඉහළ ගිය බවක් නිරීක්ෂණය විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න