එජාපය කැබිනට් වර්ජනයකට සැරසේ !

එජාපය කැබිනට් වර්ජනයකට සැරසේ !

අගමැතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාස භංගයේදී පක්ෂව ඡන්දය දුන් ඇමතිවරුන් හයදෙනා ලබන අඟහරුවාදා (10) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වන්නේ නම්, එදින කැබිනට්ටුව වර්ජනය කරමින් පිටත්ව ඒමට එජාපෙ ඇමතිවරුන් ගණනාවක් අගමැතිවරයාට යෝජනා කර තිබේ.

අගමැතිට හා ආණ්ඩුවට එරෙහිවූ ඇමතිවරුන් සමඟ තවදුරටත් කැබිනට් මණ්ඩලයේ කටයුතු කරන්නට සූදානම් නැති බව එම ඇමතිවරුන් අගමැතිවරයාට අවධාරණය කර ඇත.

ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්‌කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, එස්‌. බී. දිසානායක යන මහත්වරුන් විශ්වාස භංග යෝජනාවට අදාල ඡන්දයෙදී පක්ෂව ඡන්දය දුන්හ.

ඊට ප්‍රතිචාරයක් ලෙස එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් එම ඇමතිවරුන් හයදෙනාට එරෙහිව විශ්වාස භංග යෝජනාවකට අත්සන් කර කතානායකවරයාට බාර දෙනු ලැබුවද අගමැතිවරයා එම යෝජනාව ඉල්ලා අස්කර ගන්නා ලෙස එම මන්ත්‍රීවරුන්ට ඊයේ පස්වරුවේ දැනුම්දී තිබිණ.

මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාස භංගයේදී අගමැතිවරයාට විරුද්දව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමැතින්ට විරුද්දව එක්සත් ජාතික පක්‍ෂය විසින් ප්‍රතිචාර දැක්වීමත් සමග කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීම සමබන්ධයෙන් අර්බුදකාරී තත්වයක් මතුව ඇත.

 

pm p 1000px

ජනපති - අගමැති ගැටුමක්

විශ්වාසභංග යෝජනාවට සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිස අනිවාර්යයෙන් ආණ්ඩුවෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් කල ඉල්ලීම පසුගිය දින කිහිපයෙහි තරයේ ප්‍රතික්ෂේප කර සිටි ජනාධිපතිවරයා, විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමට තවදුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටිමින් කටයුතු කරන ලෙස දැනුම් දී තිබිණ.

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දී ඡන්දය දීමෙන් වැළකී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් සමග එක්ව 'යහපාලන ජාතික ආණ්ඩුව' ඉදිරියට පවත්වාගෙන යන බවත්, විශ්වාසභංග යෝජනාවට සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිස අනිවාර්යයෙන් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 'බීබීසි සිංහල සේවය'ට අදහස් දක්වමින් පවසද්දී, ආණ්ඩුව තුළ අනිවාර්යයෙන් රැඳී සිටිමින් කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම කණ්ඩායමෙන් ඉල්ලීමක් කළ බවත්, ජනාධිපතිතුමාගේ කැමැත්ත අනුව ඇමති පදවිවල දිගටම රැඳී සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු ඇමති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පවසා තිබිණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා එම ප්‍රකාශය කළේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම සමඟ පසුදා (අප්‍රේල් 05) ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව 'බීබීසී සිංහල සේවය' සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න