රෙදි ඇඳන් ගමේ යන්න බැරිලු ! - ජෝන්ලා ඇමතිකම් එපා කියති !!

රෙදි ඇඳන් ගමේ යන්න බැරිලු ! - ජෝන්ලා ඇමතිකම් එපා කියති !!

විශ්වාස භංගයේදී අගමැතිවරයාට එරෙහි ඡන්දය දී තවදුරටත් ඇමතිකම් දැරීම සම්බන්ධයෙන් එල්ලවන නින්දා සහගත අපහස හමුවේ තවදුරටත් ආණ්ඩුවේ තනතුරු වල රැඳී සිටීම තමන්ගේ අතම ගෞරවයට මෙන්ම, දේශපාලන සෞඛ්‍යයටද අහිතකර බව ශ්‍රීලනිප මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තාවේ.

ඒ අනුව, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්, ජාතික ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී පක්ෂය තුළ කටයුතු කිරීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයාට ලිපියක් භාරදී ඇත.

එහිදී ජනාධිපතිවරයා ගන්නා ඉදිරි තීරණය අනුව තම කණ්ඩායම කටයුතු කරන බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසිය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 46 කින් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.

විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද 122 ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 76 ක් පමණි.

එහිදී ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප ඇමැතිවරුන් වන ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්‌කොඩි, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා, සුසන්ත පුංචිනිලමේ, ටී. බී. ඒකනායක, අනුරාධ ජයරත්න, තාරානාත් බස්‌නායක, ලක්‍ෂ්මන් වසන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සා, එස්‌. බී. දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී. ජයසේන යන මහත්මීන් විශ්වාස භංග යෝජනාවට අදාල ඡන්දයෙදී පක්ෂව ඡන්දය දුන්හ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න