මහින්ද අරගලකරුවන් සමග සම්මුතියක !

මහින්ද අරගලකරුවන් සමග සම්මුතියක !

ගෝල් ෆේස් අරගලකරුවන් ද එක්කර ගනිමින් දේශපාලන ප්‍රතිසංස්කරණ කිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධානය යොමු කළ යුතු බව එම පෙරමුණේ නායක හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, අරගලකරුවන් සමග සාකච්ඡා කර එම අරගලකරුවන් තම පක්ෂය සමග එක්කර ගැනීමට හැකි නම් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ද මහින්ද රාජපක්ෂ පක්ෂයේ ඉහළ නායකයන්ට උපදෙස් දී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලගැන්වීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති නිසා එහි මූලික කාරණාවක් ලෙස අරගලකරුවන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු කළ හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බවට ද මහින්ද රාජපක්ෂ උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් හා පැවති විශේෂ සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ වනවිට එම පක්ෂයේ බලගැන්වීම් කටයුතු දීපව්‍යාප්තව ආරම්භ කර තිබේ.

ඒ අනුව, පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් විශේෂ සංවිධාන වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බවට මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇත.

මෙහි මූලික පියවරක් ලෙස පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහන් මේ වන විට ආරම්භ කර ඇති අතර ගම් මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලන කටයුතු කිරීම පිළිබඳ සහ පාක්ෂිකයන් තවත් වැඩි කර ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට ඔවුන්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව, එළැඹෙන මැතිවරණය ඉලක්ක කර ගනිමින් සංවිධාන කටයුතු කිහිපයක් ම ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරමින් සිටින අතර පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් සහ පක්ෂයේ ඉහළ නායකයන් රැසකට මේ වනවිට එම කටයුතු කිරීමට උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ.

- mawbima

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න