නියෝජ්‍ය නායකධූර වැඩි කරනවාට සජිත් විරුද්ධ වෙයි

නියෝජ්‍ය නායකධූර වැඩි කරනවාට සජිත් විරුද්ධ වෙයි

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ සටහන යටතේ නියෝජ්‍ය නායකකම් දෙකක් හෝ කිහිපයක් ඇති කිරීමට ඉදිරිපත් වූ යෝජනාවට එජාප නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සිය බලවත් විරෝධය පළ කර ඇති බව වාර්තා වෙයි.

ඒ එජාප ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (07) පැවති සාකච්ඡාව අවස්ථාවේදීය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම මෙම සාකච්ඡාව සඳහා සහභාගීව සිට ඇති අතර පක්ෂයේ නියෝජ්‍ය නායකධුර ප්‍රමාණය වැඩි කරනවා නම් තමන් නියෝජ්‍ය නායක ධූරයෙන් අස්වන බවද ඔහු අවධාරණය කර ඇත.

බලතල බෙදාගන්න රවී පක්ෂ වෙයි 

ravi karunanayake1

එජාප ප්‍රතිසංවිධාන කටයුත්තේදී නියෝජ්‍ය නායකධුර ප්‍රමාණය 2 හෝ ඊට වැඩ ප්‍රමාණයක් අවශ්‍ය බවට වන යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ එජාප උප නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක වන අතර ඒ හරහා වඩාත් පුළුල් බලතල බෙදාදීමක් සහ පක්ෂ යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කළ හැකි බවත් ඔහු පෙන්වාදී ඇත.

එසේම පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ සටහන යටතේ එක්සත් ජාතික පක්ෂ උප නායකකම්ද දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඇති කිරීමටද යෝජනා වී ඇති අතර ඊට රවී කරුණානායක විරෝධයක් පළ වි නොමැත.

බලතල බෙදාගන්න අකමැතිවීම නායකත්ව ලක්ෂණයක් නොවෙයි - සජිත් ගැන කතා

11 1

එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන්කර සිටින්නේ නියෝජ්‍ය නායකධුර වැඩි කිරීමේ යෝජනාව හමුවේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා බියට පත්ව ඇති බවය. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් පසුව ඒ ධුරය ලැබීමේ අපේක්ෂාවක සිටීම ඊට හේතුව බව සඳහන් කරන එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ පෞද්ගලික අපේක්ෂාවක් හේතුවෙන් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වලට සහය නොදැක්වීම හේතුවෙන් ප්‍රතිසංවිධානයේ අපේක්ෂිත හොඳම ප්‍රතිඵල නොලැබීයාමට ඉඩ ඇති බවය. එසේම පක්ෂ නායකත්වය අපේක්ෂාවෙන් සිටින මොහොතක බලතල බෙදාගැනීම සඳහා සුදානමක් නොමැති බව පෙන්නුම් කිරීම යහපත් ලක්ෂණයක් නොවන බවට මැති ඇමතිවරුන් අතර සාකච්ඡාවූ බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

පක්ෂ නායකත්වයේ වෙනසක් නෑ : ප්‍රතිසංවිධාන කටයුතු සඳහා රහස් ජන්දයෙන් උපදේශක කමිටුවක්

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් නොවියයුතු බවට සහ පක්ෂයේ අනෙකුත් ඉහළ තනතුරු වෙනස් කිරීම සඳහා උපදේශක කමිටුවක් පත්කිරීමටද මෙහිදී තීරණය කර ඇත.

අදාළ උපදේශක කමිටුව සඳහා සාමාජිකයන් ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උප නායක රවී කරුණානායක නිල බලයෙන් ඒ සඳහා පත්කිරීමටත් තවත් සාමාජිකයන් 12 දෙනෙකු බහුතර කැමැත්ත ඇතිව පත්කර ගන්නටද එහිදී තීරණය වී ඇත.

ඊට අනුව පැවති රහස් ජන්දයේදී උපදේශක කමිටුව සඳහා තේරී පාත්ව තිබෙන්නේ මංගල සමරවීර, රංජිත් මද්දුමබණ්ඩාර, ගයන්ත කරුණාතිලක, අකිල විරාජ් කාරියවසම්, හරීන් ප්‍රනාන්දු, නවීන් දිසානායක, නලින් බණ්ඩාර, ජේ.සී. අලවතුවල, රුවන් විජයවර්ධන, අජිත්.පී.පෙරේරා , ඉරාන් වික්‍රමරත්න, අශෝක් ප්‍රියන්ත, යන මැති ඇමතිවරුන්ය.

මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස දයා ගමයේ, වජිර අබේවර්ධන, තලතා අතුකෝරාල, බුද්ධික පතිරණ, සුජීව සේමසිංහ යන මැති ඇමතිවරුන්ද නිර්දේෂාව තිබුණත් ඔවුන්ට ජන්දයෙන් බහුතර කැමැත්ත ලැබී නොමැති බැවින් උපදේශක කමිටු සාමාජිකත්වය අහිමිවූ බවද වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නිලතල එළඹෙන 30 වනදායින් අවසන් වන අතර ඊට පෙර පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකර අවසන් කිරීමට නියමිත බවත් මැයි මස 1 වනදා සිටි පක්ෂ කටයුතු නව නිලධාරී මණ්ඩලයක් හරහා මෙහෙයවීමටත් නියමිත බවද එජාප ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න