Image

සබන් නිෂ්පාදනයට යොදා ගත් අමුද්‍රව්‍ය සබන් කැටයේ ලේබලයට ඇතුළත් කිරීමට යෝජනාවක්

සබන් නිෂ්පාදනයට යොදා ගත් අමුද්‍රව්‍ය සබන් කැටයේ ලේබලයට ඇතුළත් කිරීමට යෝජනාවක්

සබන් නිෂ්පාදන වෙළෙඳපොලට නිකුත් කිරීමේ දී ඒවායේ ඇසුරුමෙහි, නම සහ මේද ප්‍රතිශතය (TFM අගය) ප්‍රදර්ශනය කිරීම අනිවාර්‍යය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා සිකුරාදා කටයුතු කර තිබුණ බවත්, පාරිභෝගික සංවිධානයක් වශයෙන් ඒ පිළිබඳ  සිය සතුට පළ කරන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පළ කර තිබුණේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

එමෙන්ම සබන් නිෂ්පාදනයක මේද ප්‍රතිශතය මෙන්ම ඒවායෙහි අන්තර්ගත අනෙකුත් අමුද්‍රව්‍ය පිළිබඳ දැනුවත්වීම ද පාරිභෝගිකයන්ගේ දැඩි අවශ්‍යතාවයක් වනවා පමණක් නොව එය පාරිභෝගික අයිතියක් බවත්, එම නිසා සබන් නිෂ්පාදනයට  අන්තර්ගත කරන ලද සියලු අමුද්‍රව්‍යවල විස්තරයක් දවටනයෙහි සඳහන් කිරීම අනිවාර්යය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ද කටයුතු කරන ලෙස සිය සංවිධානය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයෙහි සඳහන් වේ.

මතු පළ වන්නේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ ගේ අත්සනින් යුත් එම නිවේදනය යි. 

 

soaplabelingi

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න