ශ්‍රීලනිප ජෝන්ලාට කැබිනට් දොර වැහෙයි : අලුත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් !

ශ්‍රීලනිප ජෝන්ලාට කැබිනට් දොර වැහෙයි : අලුත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදුන් ශ්‍රීලනිප අමාත්‍යවරුන් සමඟ තවදුරටත් කටයුතු කිරීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂය නිල වශයෙන් ජනාධිපතිවරයාට දන්වා ඇතැයි වාර්තා වෙයි.

අද (8) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කළ අතර එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් කිරීමට නියමිත බවද එහිදී අනාවරණය කරනු ලැබිණ.

ඒ බව සඳහන් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ යෝජිත කැබිනට් සංශෝධනය සම්බන්ධව ඊයේ (07) රාත්‍රියේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවැත්වුණු සාකච්ඡාවේදී එකඟත්වයක්ද ඇතිව තිබෙන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න