තමාට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය කථානායකවරයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනා ඉල්ලා අස්කර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා දැනුම්දී ඇති බව වාර්තා වෙයි.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කරන අතර ඒ අනුව එකී මන්ත්‍රීවරුන් විසින් එකී විශ්වාස භංග යෝජනා ඉවත් කරගනු ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ බවද එම නිවේදනයේ සඳහන්ය.
එසේම අමාත්‍යවරයකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට පෙර ඒ පිළිබඳව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ සාකච්ඡා කොට තීරණයකට එළැඹිය යුතු නමුත් මෙම කරුණ පිළිබඳව එවන් සාකච්ඡාවක් සිදුව නැති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කල බවද එහි සඳහන්ය.
ඉදිරියේදී මේ ගැන පාර්ලිමේන්තු කණ්ඩායම තුළ සාකච්ඡා කෙරෙනු ඇති බව කියා සිටි බවත්, කෙසේ වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති මතභේදයට තුඬු දෙන කරුණු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි බවට අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා නිවේදනය නිකුත් කරමින් වැඩිදුරටත් පෙන්වාදී ඇත.

