වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 221,023 ක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු සහ බඳවා ගැනීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා සඳහන් කර ඇත්තේ , ඉන් වැඩි පිරිසක් මැදපෙරදිග රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවය.
එම රටවල් වන්නේ, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර් සහ සෞදි අරාබියයි.
එසේම විදෙස් රැකියා සඳහා පිටත්ව ගිය පිරිසෙන් වැඩි ප්‍රතිශතයක්, පිරිමි පුද්ගලයින් ය.
මෙම වසරේ පුද්ගලයින් තුන් ලක්ෂයක් විදෙස් රැකියා සඳහා යොමු කිරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉලක්කය වී ඇතැයි සෙනරත් යාපා සඳහන් කර ඇත .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
