නෙළුම් කුළුණ ජනතාවට විවෘත කර දින 03ක් ඇතුළත එයින් රුපියල් මිලියන 7.5 ක ආදායමක් උපයා ඇති බව වාර්තා වෙයි .
කොළඹ, නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ සඳහන් කරන ආකාරයට , එම කාලසීමාව තුළ පුද්ගලයින් 14,000ක් පමණ කුළුණ නැරඹීමට පැමිණ ඇත.
මේ අතර නෙළුම් කුළුණ නැරඹීම සඳහා ජනතාවට ලබාදුන් කාලසීමාව ද ඊයේ(17) සිට දීර්ඝ කර තිබේ.
ඒ අනුව දහවල් 12.00 සිට රාත්‍රි 11.00 දක්වා එය නැරඹීමට අවස්ථාව හිමිවෙයි.
කෙසේ වුවත් නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ සඳහන් කරන්නේ ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරෙන්නේ රාත්‍රී 10.00 දක්වා පමණක් බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
