Language Switcher

පොහොර මිල පහළට !

V2025

ආනයනික යූරියා සහ තේ පොහොර මිටියක මෙන්ම තවත් පොහොර වර්ග කිහිපයක මිල හෙට (21) සිට පහත දැමීමට පොහොර ආනයනය කරනු ලබන සමාගම් තීරණය කර ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් පනහේ යූරියා පොහොර මිටියක් රුපියල් දස දහසකින් සහ තේ පොහොර මිටියක් රුපියල් දහසකින් පහත දමන බව පොහොර ආනයනකරුවන්ගේ එකමුතුව පවසා ඇත.

ලෝක වෙළඳපොලේ පොහොර මිල පහත යෑම මිල අඩු කිරීමට හේතුව බවත් සඳහන් වෙයි.