සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි !

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි !

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (20) අත්සන් තබා ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත ඊයේ සිට බලාත්මක වෙයි.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සහ කෝවිඩ් -19 වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නැවත ගොඩනැගීමේ අරමුණින් 2022 අයවැය හරහා හඳුන්වාදුන් අතර අදාළ පනත් කෙටුම්පත පසුගිය 08 වනදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 120 ඉක්මවනු ලබන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන් සහ තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන්ගේ බද්දට යටත් පිරිවැටුම මත 2.5 % අනුපාතයකින් මෙම බද්ද අය කෙරේ.

මෙම බද්දෙන් අපේක්ෂිත ආදායම වසරකට රුපියල් බිලියන 140 කි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න