මැයි 09 ලක්ෂ 20ක් කොළඹ ඇවිත් : අරගලයේ නායකත්වය අන්තරේ - දුමින්ද

මැයි 09 ලක්ෂ 20ක් කොළඹ ඇවිත් : අරගලයේ නායකත්වය අන්තරේ - දුමින්ද

ලක්ෂ 20 ක ජනතාවක් මැයි 09 වැනිදා කොළඹට පැමිණි බව බුද්ධි අංශ වාර්තා කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සඳහන් කරයි.

ගාළු මුවදොර අරගල භූමියට විටින් විට කෝටියක පමණ ජනතාවක් පැමිණ සහයෝගය ලබා දුන් බවද ඔහු පවසයි .

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මේ අදහස් දක්වා ඇත්තේ සම්මන්ත්‍රණයක් අමතමිනි.

කිසිදාක පන්නා දැමිය නොහැකි යයි බොහෝ පිරිසක් සිතා සිටි ගෝඨාභය රාජපක්‍ෂ පන්නා දැමීම සඳහා දැඩි අධිෂ්ඨානයකින් නායකත්වය දුන්නේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ බවද ඔහු පවසා ඇත .

එවන් නායකත්වයක් දුන් ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරද්දී නිහඬව සිටින ජනතාව එම ශිෂ්‍ය ව්‍යාපාරයට ණය ගැති බව ද ඔහු පැවසීය.

එනිසා එම ණය ගෙවීමට ඉදිරියට එන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටී.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න