පොලිසිය ඒකාබද්ධයේ මන්ත්‍රීවරයකුට !

පොලිසිය ඒකාබද්ධයේ මන්ත්‍රීවරයකුට !

ඉදිරි සතියේදී ඒකාබද්ධ විපක්ෂයෙන් ශ්‍රීලනිපයට එක්වීමට නියමිත මන්ත්‍රීවරයකුට නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟත්වය පළකර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග වලින් 'නිව්ස් ටියුබ්' වෙත වාර්තාවේ.

එම මන්ත්‍රීවරයා ඊයේ (01) රාත්‍රී ජනාධිපතිවරයා හමුවී ඇති අතර, ජනධිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරියකු ඊට අදාළ සම්බන්ධිකරන කටයුතු සිදුකර තිබේ.

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා මේවනවිට පොලිසිය බාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර පසුගිය පාලන සමයේ සිදුවූ වංචා දුෂණ විමර්ශනය කිරීමේදී රාජපක්ෂවරුන්ට නොනිල මට්ටමින් සහය දක්වන බවට ඔහුට බරපතල චෝදනාවක් එල්ලවී ඇත.

වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට දායකවූ 'සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසුරිය මහතා, පසුගියදා ඒ සම්බන්ධයෙන් අමාත්‍ය සාගල රත්නායක මහතාව දැඩි ලෙස විවේචනය කළේය. ඒ, පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවන ගුණානුස්මරණ උත්සවයට සහභාගී වෙමිනි.

සරත් විජේසුරිය මහතා වර්තමාන පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගේ ක්‍රියාකලාපය ඉතා උපහාසාත්මකව විවේචනයට ලක් කලේ මෙරටේ සේනාධීනායක මෙන්ම විධායක ජනාධිපතිවරයා ඉදිරිපිට ය.

 වීඩියෝව මෙතනින්

 මෙම තත්වය යටතේ පළාත් පාලන මැතිවරණයට පෙර නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යංශය ජනාධිපති යටතට පවරා ගන්නා ලෙස සිවිල් සංවිධාන ප්‍රධානින් කිහිප දෙනෙකු පසුගියදා ජනාධිපතිවරයාට යෝජනා කර තිබිණ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න