21 දිනුවාට අය වැය පරාදයි ?

 21 දිනුවාට අය වැය පරාදයි ?

එළඹෙන 2023 වසර සඳහා අය වැය යෝජනාව පරාජයට පත් කිරීමේ හැකියාවක් ඇති බව 'නිදහස් ජනතා සභාව' නියෝජනය කරන පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ඒ අනුව අය වැය යෝජනාව පරාජයට පත් කිරීම තුළින් ආණ්ඩුව විසුරුවා හැර මහා මැතිවරණයකට යෑමේ හැකියාවද ලැබෙනු ඇත.

කෙසේ නමුත් මහාචාර්ය මන්ත්‍රීවරයා පවසා සිටින්නේ ජනතාවට අසාධාරණයක් වන අයවැයක් ඉදිරිපත් නොකළහොත් එයට විරුද්ධ වන බවකි.

මෙවර අය වැය මෙරට ඉතිහාසයේ තීරණාත්මක අයවැයක් වෙනු ඇති බව ආර්ථික ක්ෂේත්‍රයේ මතය වී ඇත.

මන්ද රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම වෙනුවෙන් වන ජනප්‍රිය නොවන දුෂ්කර තීන්දු තීරණ රැසක් මේ තුළ අඩංගුවිය හැකි බැවිනි. ඒ කවර තීන්දුවක් අඩංගු වුවත් එය රටේ අනාගතය වෙනුවෙන් ගන්නා පියවරක් වීම අනිවාර්ය තත්වයක් වෙනු ඇති බවත් එම පිරිස් පෙන්වා දෙයි.

මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග චැතම් ස්ට්‍රීට් ජර්නල් පුවත් පත සමඟ පවසා ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට මුහුණ දී ඇති අර්බුදකාරි අවස්ථාවේ සාර්ථක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරමින් යන බවත් තමන් ඇතුලු පොදුජන පෙරමුණේ බහුතරයක් දෙනා ඊට සහය දීමට තීරණය කර ඇති බවය.

මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රී රාහුෆ් හකීම් ද පසුගියදා පවසා සිටියේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හතලිස් දෙනෙකු පමණ ජනාධිපතිවරයාට සෘජුවම සහය වීම සිදු වෙනු ඇති බවය.

එසේම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ගනනාවක්ම ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙල එකඟව සිටින බවත් තීරණාත්මක මොහොතකදී ඔවුන්ගේ සහය ලැබෙනු ඇති බවත් එම පක්ෂයට සමීප ආරංචි මාර්ග පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරයට පත් කරගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 134 දෙනෙකුගේ සහය හිමිවූ අතර 21 වන සංශෝධය වෙනුවෙන් මන්ත්‍රීවරු 179 දෙනකුගේ සහය හිමිව තිබිණි. එළැඹෙන නොවැම්බර් 14 වන දින 2023 වසර සඳහා වන අය වැය යොජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න