ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා : ජී7 කණ්ඩායමේ සහය !

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා : ජී7 කණ්ඩායමේ සහය !

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා සඳහා සහය ලබාදීමට ජී7 කණ්ඩායම් රටවල් තීරණය කර ඇති බව වාර්තා වෙයි .

ජී7 කණ්ඩායම් සභාපතිත්වය දරන ජර්මනියේ මෙරට පිහිටි තානාපති කාර්‍යාලයේදී ඊයේ (28) පැවති සාකච්ඡාවකදී මේ තීන්දුව ගෙන ඇති බවත් වාර්තා වෙයි .

මෙම සාකච්ඡාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට නියෝජිතයන්ද සහබාගී වී තිබේ.

ඒ අනුව ජී7 කණ්ඩායමේ මෙරට සිටින සාමාජිකයන් එහිදී එකඟතාවකට පැමිණ ඇත්තේ මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා ඉන්දියාව, චීනය ඇතුළු ණය හිමියන් සමඟ සාකච්ඡා කිරීමට ය.

මෙම සාකච්ඡාව සාර්ථකව පැවති බව මෙරට ජර්මානු තානාපති පවසයි.

ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට කාලෝචිත විසඳුමක් සඳහා ජර්මනිය කැපවී සිටින බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන ණයහිමියන් සහ පැරිස් සමාජය සමග එක්ව මෙම සාකච්ඡාව ඉක්මනින්ම කරගෙන යාමට බලාපොරොත්තු වන බවත් ඔවුන් අවධාරණය කරයි.

ජී7 කණ්ඩායම (G7) යනු කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයෙන් සමන්විත අන්තර්-රාජ්‍ය දේශපාලන සංසදයකි.

මීට අමතරව, යුරෝපා සංගමය එහි ගණනය නොකළ සාමාජිකයෙකු වේ.

ජී7 සාමාජිකයන් වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සිටින ලොව විශාලතම, දියුණු ආර්ථිකයන් සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න