සජිත්ගේ නායකත්වයෙන් වන නොවැම්බර් 02 විරෝධයට PCR ගේ සහය !

සජිත්ගේ නායකත්වයෙන් වන  නොවැම්බර් 02 විරෝධයට PCR ගේ සහය !

නොවැම්බර් 02 වෙනිදා සමගි ජනබලවේගය පක්ෂයේ ප්‍රධානත්වයෙන් සහ අරගල පාර්ශ්ව නියෝජනය කරන වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන මෙන්ම සිවිල් ක්‍රියාකාරීන් කියන පාර්ශ්ව කිහිපයක් මුල්වී සිදුකරන ක විරෝධතාවය සඳහා 43 සේනාංකයේ පූර්ණ සහාය පල කළ බව වාර්තා වෙයි .

එහිදී අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මෙසේ පවසා ඇත .

“දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු හැටියට ඉන්න වසන්ත මුදලිගේ තරුණයත්, සිරිධම්ම ස්වාමීන් වහන්සේත් රඳවගෙන ඉන්නවා දින 90 කට වැඩි කාලයක්. තවත් විශාල පිරිස් වලට අඛණ්ඩ පොලිස් මර්දනයක් දියත් කරලා තියෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කරමින් තියෙනවා. එම කරුණුවලට විරුද්ධත්වය පළකිරීමට තමයි මේ සිදුකිරීමට යන්නේ. අපේ සහයෝගය ඒ සඳහා ලැබෙනවා.”

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මේ වන විට නොවැම්බර් 02 විරෝධතාවයේ සියලු බරපැණ දරන්න පොරොන්දු වී ඇති සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ගේ දේශපාලන ව්‍යාපෘතිය සඳහා දැනුවත් ලෙස චම්පික රණවක මන්ත්‍රීවරයා ද මේ හරහා එක්ව ඇති බවයි.

නොවැම්බර් 02 විරෝධයේ දේශපාලන නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ගැනීමට පසුගිය දිනක පැවති සාකච්ඡාවක් අවස්ථාවේ අවධානය යොමුවූ බවත් විචාරකයන් සිහිපත් කරයි.

කෙසේ වුවත් මේ වන විට චම්පික රණවක මන්ත්‍රීවරයා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධූරයක් බලාපොරොත්තුවෙන් සිටින බවත් , එය කෙසේ හෝ ලබාගෙන ඉදිරි දේශපාලන ගමන් මාර්ගය සකසා ගැනීමේ අපේක්ෂාව ඇතුව මේ ආකාරයට හැසිරෙන බව තේරුම් ගතහැකි බවත් දේශපාලන විචාරකයන් ගේ අදහස වී ඇත .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න