පිටි කිලෝවක මිල : පාන් ගෙඩියේ මිලට කිට්ටුයි !

පිටි කිලෝවක මිල : පාන් ගෙඩියේ මිලට කිට්ටුයි !

තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1ක තොග මිල රුපියල් 250 සීමාව තුළ පවත්වාගෙන යාහැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න පවසන්නේ එළඹෙන උත්සව සමය අවසන්වන තෙක් වෙළෙඳපොළේ තිරිඟු පිටි මිල එම මට්ටමේ තබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ය.

තිරිඟු පිටි මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබාදෙන ලෙසට ද එම සංගමය බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටී.

වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල ඊයේ (28) වනවිට රුපියල් 250 දක්වා අඩුවී ඇත.

දෙසැම්බර් 31 වනදා දක්වා විවෘත ගිණුම් ක්‍රමය හරහා තිරිඟු පිටි ආනයනය සඳහා වෙළෙඳ අමාත්‍යාංශය අවසර ලබාදීම මෙලෙස තිරිඟු පිටි මිල පහළයාමට හේතුවී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න