උදව්වට නිදහස් සභා උදව්වක්

උදව්වට නිදහස් සභා උදව්වක්

පොහොට්ටුවෙන් බිඳිල ගිය එක්තරා කස්ටියක් දැන් ඉන්නෙ විපක්ෂය පැත්තෙ...

විපක්ෂයට යන්න කලින් උන්නැහේල රටේ ලොකු පුටුවටත් සටනක් දීලයි ගියේ... කොහොම නමුත් ඒ ගොල්ලො ආණ්ඩුවෙ අය-වැයට සපෝට් කරන්න යනවය කියල ආරංචියක් යනව...

නමුත් ඒ සපෝට් එක දෙන බවවත් නොදෙන බවවත් එයාල ප්‍රසිද්ධියේ කියන්නෙ නැහැල්ලු... අන්තිම මොහොතෙ ලොකු ප්‍රකාශයක් කරල හේතු දන්වල අයවැයට උදව් කරන්න යන වගයි තතු දත් උදවිය කියන්නෙ...

මේ සහය දීමට බලපාපු ඇත්තම හේතුව නිල වශයෙන් කවුරුවත් දන්නෙ නැතත් ඒ ඇත්ත හේතුවට වාහන හුටපටයක් බව සමහරු කියනව...

ඔය කණ්ඩායමේ අය කිහිප දෙනෙක් ආණ්ඩුවෙ මහ කන්තෝරුවෙන් වාහන වගයක් අරන් ඒව නැවත භාර නොදීම නිසා ඒකට විරුද්ධව ආණ්ඩුව පොලිස් පැමිණිලි කාරිය දාලත් තිබුණ... නමුත් හිටපු ගමන් ආණ්ඩුව විසින්ම ඒ පොලිස් පැමිණිලි ඉල්ලා අස්කර ගත්තලු...

එහෙම පැමිණිලි අස් කරගෙන විපක්ෂයෙන් වාහන අරන් භාර නොදුන් උදවිය බේරාදීමට කෘතගුණ දැක්වීමට අයවැයට ඡන්දෙ පාවිච්චි කරන්න උන්නැහේල සැරසෙන බව තමයි තිරය පිටුපස තොරතුරු දන්න උදවියගෙ අදහස.

මේ ගැන ආණ්ඩුවෙ ඉහළම මට්ටමේ කෙනෙක් ඔය විපක්ෂ කණ්ඩායමේ කටකාර ලොක්කෙක් එක්ක රහසිගත එකඟතාවකට පත්වෙලා ඉන්න බවත් ආරංචියි...

ඕකට තමයි එයාල කියන්නෙ ප්‍රතිපත්තිගරුක දේශපාලනේ කියලා .

-deshaya

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න