රටට වැරදුණු හේතුවට අයවැයෙන් වැරදිකරුවන් බවට පත්කර තිබෙන්නේ සහනාධාර මත යැපෙන අසරණ ජනතාව බව ජාතික ජනබලවේගයේ මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
ඒ අයවැය තෙවැනි දින (17) විවාදයට සහභාගී වෙමින් ය.
ලැබෙන ආදායමින් ජීවිතය හරියට කළමනාකරණය කරගන්නට බැරි පුරවැසියන්ට මත වරප්‍රසාදිත ජීවිත ගත කරන අය විසින් වරද පටවා තිබෙන බව පැවසු මන්ත්‍රීවරිය ප්‍රශ්නය මේ විදිහට දකින්න නම් කොච්චර නපුරු විය යුතුදැයි ද ප්‍රශ්න කර සිටියාය.
අයවැයෙන් ප්‍රශ්නය හෝ දේශපාලන තත්වය තේරුම් ගෙන නැහැ. ජනතාව ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මොකක්ද කියා කිසිම සංවේදී බවක් පෙන්නුම් කරන්නේ නැහැ. ජනතාව පාලකයන්ගේ දුරස් වී ඇත්තේ ඇයි දැයි කිසිම හැඟීමක් නැතිව මෙය ඉදිරිපත් කර තිබෙනවා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
