ඕමාන් රටේ ගෘහ සේවිකා රැකියා සදහා යැයි පවසමින් ශ්‍රී ලාංකික කාන්තාවන් එරටට ගෙන ගොස් ගණිකා වෘත්තියේ යෙදවූයේ යැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් තැරැව්කරුවන් දෙදෙනකු ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝගකර ඇත.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ විසින් අද (22) මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කාන්තාවන් දෙදෙනකුට විදෙස් ගත වීම සඳහා සංචාරක වීසා ලබාදුන් තැරැව්කරුවන් වන අජිත් කුමාර සමරකෝන් සහ යෝගේන්ද්‍ර නොහොත් ‘යෝගා’ නැමැත්තන්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
