කළු ගංතොට සිංහයා වගේ ඉන්න කෙනා මේ දවස්වල එයාගේ කණ්ඩායම වෙනුවෙන් වැඩිය පෙනී සිටින්නෙ නැතිලු.
මොකද එයා ටිකක් එතනින් ඈත්වෙලාලු ඉන්නේ. හේතුව එයා ඉන්න පැත්තේ නායක තැනගේ වැඩ ටිකක් අල්ලන්නේ නැති නිසා.
කොහොම වුණත් මේ සම්බන්ධයෙන් හොයලා බලද්දි තමයිලු ආරංචිය ආවේ. මෙයාටත් ලොකු ලොකු තැන්වලින් ඇමැති පට්ටමක් ගන්න කියලා ආරාධනා ඇවිල්ලලු. ඉතින් මෙයත් පීල්ල මාරු කරන්න කතා කරල තිබෙන බව සමහරු කියනව.
හැබැයි පීල්ල මාරුවෙන්න කතා කළාට වැඩේ ඉක්මනින් වෙන පාටක් නෑලු. මොකද මෙයාට පොහොට්ටුවේ කට්ටිය හීනි බාල්දියක් පෙරළලා. ඉතින් ඒ නිසා එයාගේ වැඩෙත් දැනට කොට උඩලු. හැබැයි තවම එයා අර කැබිනට් පට්ටම් ලැයිස්තුවේ ඉන්නවා කියලයි ආරංචිය.
දේශපාලන වාර්තාකරු
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
