එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ අද (01) සිරිකොත පක්ෂ මූලස්ථානයේදි සාර්ථකව පැවැත්වුණු බව එම පක්ෂය පවසයි.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට ආසන සංවිධායකධූර වෙනුවෙන් ඉල්ලුම්පත් ඉදිරිපත් කළ වෛද්‍යවරු, නීතිඥවරු, විද්වතුන් පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජිතයන් ගණනාවක් සම්මුඛ පරීක්ෂණ මණ්ඩල ඉදිරියේ පෙනී ඇත.
නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක, නවීන් දිසානායක, ලක්ෂ්මන් විජේමාන්න හා කරුණාසේන කොඩිතුවක්කු යන අයගේ ප්‍රධානත්වයෙන් යුතු සම්මුඛ පරීක්ෂණ මණ්ඩල මගින් මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ බවත් සම්මුඛ පරීක්ෂණ ඉදිරියේ දි තවදුරටත් පැවැත්වීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
{gallery}unp-intrevie{/gallery}
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
