Language Switcher

V2025

අගමැති කඩුවෙන් අල කේක් කපයි

සිංහල දමිල අලුත් අවුරුදු සමයේ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ලොව දිගම අර්තාපල් කේක් ගෙඩිය නිර්මාණය කිරීමේ උත්සහයක නිරත වී තිබේ.

ඒ වෙනුවෙන් ඔවුන් දිගින් මීටර් 111කින් සමන්විත සහ කිලෝ ග්‍රෑම් 380ක බරින් යුක්ත කේක් ගෙඩියක් නිර්මාණය කර තිබු අතර එය කපා සැමරීම සඳහා ඒ වන විටත් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ආරාධනා කර තිබිණ.

ජායාරූපයේ දැක්වෙන්නේ එම ආරාධනාව පිළිගත් අග්‍රාමාත්‍යවරයා කඩුවක් ආධාරයෙන් කේක් ගෙඩිය කපනු ලැබූ අවස්ථාවය.